කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සිය වැටුප පවා පරිත්‍යාග කරමින් ජනතාවට හයියක් වන මහජන නියෝජිතයින් පිළිබඳ තමන් සතුටු වන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පවසයි.
එහෙත් තමන්ගේ වැටුප එලෙස පරිත්‍යාග කිරීමේ ආර්ථික හැකියාවක් නොමැති බව ද ඇමැතිවරයා පෙන්වා දෙයි.
සිය වැටුප සම්පූර්ණයෙන් ම පාර්ලිමේන්තු බැංකු ශාඛාව මගින් ලබාගත් ණයක් සඳහා කැපෙන බව ඔහු ප්‍රකාශ කරයි.