වෙන්න ජනපතිලා රොත්තක් ඡන්දේ ළං වෙද්දි ඉවත් වෙනවා…! – බාකීර් මාකර්…

April 26, 2024 at 9:27 am | by emanisa.lk

ජුලි මාසය වන විට ජනාධිපතිවරණය අනිවාර්යෙන් ප්‍රකාශයට පත් කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පවසයි.

“නිත්‍යානුකූලව ජනාධිපතිවරණය කල් දාන්න බැහැනෙ. ජුලි මාසය වෙනකොට නිල ප්‍රකාශය ප්‍රකාශයට පත් කරන්න වෙනවා.

ඒක ජනාධිපති කාර්යාලයෙන් තීන්දු කරන දෙයක් නොවෙයි. මැතිවරණ අධිකාරිය මැතිවරණ කොමිසම ඒක තීන්දු කළ යුතුයි. ඒ ජනතා අයිතිය පැහැර ගන්න කිසිසේත්ම පුළුවන් කමක් නැහැ.

මීළඟ ජනාධිපතිවරණයට විවිධ පුද්ගලයන් තරග කරන බවට නම් කියැවෙනවා. ඒ අය අතරින් කට්ටිය එම ඡන්දය ළං වෙන කොට තරගයෙන් ඉවත් වන හැටිත් අපට බලාගන්න පුළුවන්.”

ඒ මහතා එසේ පැවැසුවේ ඊයේ (25) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *