වී අලෙවි මණ්ඩලය සතු ලක්ෂ 1000ක වී තොග අතුරුදන්..!

October 24, 2023 at 8:21 am | by emanisa.lk

වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා පහක තිබුණු රුපියල් ලක්ෂ 1000 ක පමණ වටිනාකමින් යුත් වී තොග අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් වී අලෙවි මණ්ඩලයේ සේවකයින් පිරිසක් විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරට පැමිණිලි කර තිබේ.

මෙසේ අතුරුදන්ව ඇත්තේ 2020 සහ 2021 වසරවල කන්න කිහිපයකදී වරින්වර මිලදී ගත් වී තොග වන අතර ඒවා කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය, පොල්ගහවෙල, මහව ඇතුළු ගබඩා 05ක ගබඩාකර තිබී ඇත.

මෙම වී තොග අතුරුදන් වීමට වී අලෙවි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ සහ ප්‍රාදේශීය කාර්යාලවල ඇතැම් නිලධාරීන් සම්බන්ධ බවටත් සේවකයින් විසින් කෘෂිකර්ම අමාත්‍යවරයාට දැනුම් දී ඇත.
අමාත්‍යවරයා වී අලෙවි මණ්ඩලයට උපදෙස් ලබාදී ඇත්තේ මේ සම්බන්ධයෙන් දින තුනක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *