වීසා සමාගම ඉන්දියාවේ නෙමෙයි.. දුන්නේ කැබිනට් අනුමැතියෙන්…!

May 3, 2024 at 6:07 am | by emanisa.lk

කටුනායක ගුවන්තොටුපොළේ වීසා නිකුත් කිරීමේ කටයුතු ඇරඹූ සමාගම ලෝකයේ රටවල් 67 ක මධ්‍යස්ථාන 146 ක් හරහා සේවා සපයන ජාත්‍යාන්තර සමාගමක් මිස ඉන්දියානු සමාගමක් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

මෙය ඉන්දියානු සමාගමක් බවට සමහරුන් ගෙන යන ප්‍රචාරය වැරදි බව පැවසූ අමාත්‍යවරයා එම සමාගම මේ කටයුතු ආරම්භ කරනු ලැබුවේ විශේෂ කමිටුවක නිර්දේශ මත කැබිනට් මණ්ඩලයේ පූර්ණ අනුමැතිය අනුව බවද සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *