වීර ආණ්ඩුව අද අශූචි නැවක් ළඟ දණ ගහල..! – සජිත්…

November 3, 2021 at 12:11 pm | by emanisa.lk

ආණ්ඩුව පොහොර සාම්පල් පරික්ෂා නොකර ණයවර ලිපි නිකුත් කිරීම නිසා රටට ඩොලර් මිලියන 90ක පාඩුවක් සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

මේ සඳහා ගෙවන්නේ ජනතාවගේ මුදල් බවට ද විපක්ෂ නායකවරයා චෝදනා කළේය.

වීරයින් ලෙස බලයට පත් ආණ්ඩුවේ මැති ඇමැතිල තානාපතිවරු ඉදිරියේ වැඳවැටෙන බවත් පවසන සජිත් ප්‍රේමදාස එම වීරයින් ගෙදර යවන යුගය ජනතාව තීන්දු කරන බවත් අවධාරණය කරයි.

නාස්තිය දූෂණය වංචාව නිමා කරන්නට පැමිණි වීර ආණ්ඩුව, රටට දායාද කළේ අලුත් දුප්පත්කමක් පමණක් බවත් විපක්ෂ නායකවරයා සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *