විහාර දේවාළගම් පනත පුද්ගල නීතියක් නෙමෙයි…! නීතියට මුවා වී බෞද්ධ උරුමය වනසන්න සූදානම් වෙන්න එපා…!

February 13, 2021 at 10:15 am | by emanisa.lk

බෞද්ධ උරුමය රකින විහාර දේවාළගම් පනත අහෝසි කිරීමට මුස්ලිම් අන්තවාදීන් කතා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බෞද්ධාගමට පිරිනමා ඇති ප්‍රමුඛස්ථානය අභියෝගයට ලක්කරන සහරාන් පන්නයේ ප්‍රකාශයක් බව නීතීඥ මනෝජ් ගමගේ පවසයි.

තමා උගත් නීතිය අනුව විහාර දේවාළගම් පනත පුද්ගල නීතියක් නොවන බවත් එක රටක් එක නීතියක් සංකල්පය ගොඩනැඟීම සඳහා අහෝසි කළ යුත්තේ උඩරට, තේසවළාමේ සහ මුස්ලිම් නීති බවත් ඔහු පෙන්වා දෙයි.

එසේ නොමැතිව එක රටක් එක නීතියක් සංකල්පයට මුවා වී අන්තවාදීන්ගෙන් බෞද්ධ උරුමය රකින විහාර දේවාළගම් පනත් අහෝසි කිරීමට සූදානම් නොවිය යුතු බව මනෝජ් ගමගේ අවධාරණය කරයි.

අධිකරණ ඇමැති අලි සබ්රි පසුගියදා ප්‍රකාශ කර තිබුණේ එක රටක් එක නීතියක් සංකල්පය යථාර්ථයක් කිරීමට නම් මුස්ලිම් නීති පමණක් නොව උඩරට නීති, තේසවළාමේ නීති මෙන් ම විහාර දේවාළගම් පනත ද අහෝසි කළ යුතු බව ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස