විහාරමහාදේවී නාඩගමත් බොරුවක්…! ප්‍රදර්ශනයට ලබා දුන් කාලය අදින් අවසන්…! – සාක්ෂි මෙන්න…

March 19, 2021 at 11:24 pm | by emanisa.lk

ජාත්‍යන්තර පරිසර දිනය නිමිත්තෙන් චිත්‍ර ප්‍රදර්ශන ඇතුළු වැඩසටහන් සඳහා විහාරමහා දේවී උද්‍යානයේ අවසර ලබා දී ඇත්තේ අද (19) දක්වා පමණක් බව තහවුරු වී තිබේ.

අදාළ වැඩසටහන සංවිධානය කළ රාජ්‍ය නොවන සංවිධානය මගින් කොළඹ පුරපතිනිය වෙත යැවූ ලිපියක් මගින් අවසර ඉල්ලා ඇත්තේ දින මාර්තු මස 19 වන දින දක්වා ය.

මෙම කාලය තුළ උද්‍යාන පරිසරයට හානි නොවන ආකාරයට කටයුතු කිරීමට ද සංවිධායකයින් විසින් පොරොන්දු වී තිබේ.

කෙසේ වුව ද දින ගණනාවක් තිස්සේ ප්‍රදර්ශනය වූ එම චිත්‍ර අද සවස ගලවා දැමීමට නියමිත පසුබිමක එය අද දහවල් හදිසියේ ගැලවීමට කටයුතු කළේ කාගේ උවමනාවට ද යන්න විමසා බැලීම වැදගත් ය.

විහාරමහා දේවී උද්‍යානය කොළඹ නගර සභාව යටතේ පාලනය වන අතර චිත්‍ර ප්‍රදර්ශනය සඳහා අවසර ලබා දුන්නේ කොළඹ එජාප නගරාධිපතිනි රෝසි සේනානායක වන අතර එය ගලවා දමා ඇත්තේ ද ඈ යටතේ ඇති නගර සභා සේවක පිරිසක් විසිනි.

කෙසේ වුව ද එසේ අදාළ චිත්‍ර ගලවා දැමීමේ චෝදනාව විපක්ෂ කණ්ඩායම් විසින් එල්ල කළේ ජනාධිපතිවරයා වෙත ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස