විහාරමහදේවියේ චිත්‍ර ඇන්ද බබා මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවරලු…! අතහිත මංගල බබාගෙන්…!

March 20, 2021 at 10:21 am | by emanisa.lk

ලෝක පරිසර දිනය වෙනුවෙන් විහාරමහාදේවී උද්‍යානයේ ළමා පිරිසක් විසින් පරිසර විනාශය විදහාපාන ආකාරයට සිතුවම් කළ මියුරල් චිත්‍රය ඊයේ (19) ආණ්ඩුව විසින් ඉවත් කළේ යැයි ඊයේ විපක්ෂ කණ්ඩායම් දැඩි චෝදනාවක් එල්ල කළේ ය.

කෙසේ වුව ද මෙම චිත්‍රය ඇඳ ඇත්තේ සුප්‍රකට චිත්‍ර ශිල්පි මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර විසින් බව සමාජ මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය යහපාලන ආණ්ඩුවේ දැඩි ආධාරකරුවෙකු වූ මහාචාර්ය තේනුවර සජිත් ජනාධිපති කර ගෝඨාභයගේ රණවිරු ගාය සුවපත් කරන බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ද කළේ ය.

කෙසේ වුව ද මෙම චිත්‍රය ඉවත් කළේ යැයි ළමා පිරිසක් යොදා ගෙන විහාරමහාදේවී උද්‍යානයේ විරෝධතාවක් සංවිධානය කර තිබූ අතර ඒ සඳහා මංගල සමරවීර ද සහභාගී වී සිටිනු දැකගත හැකි විය.

මෙම චිත්‍ර ප්‍රදර්ශනය සඳහා නගර සභාවෙන් අවසර ලබා ගෙන ඇත්තේ ද ඊයේ (19) දක්වා පමණි. එජාප පාලන බලය හොබවන කොළඹ නගර සභාව යටතේ පාලනය වන විහාරමහා දේවී උද්‍යානයේ අදාළ චිත්‍ර ඉවත් කර ඇත්තේ ද එම නගර සභා සේවක පිරිසක් විසිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස