විස්සයි විස්ස ලෝක කුසලාන කිරුළ නැවතත් එංගලන්තයට…!

November 13, 2022 at 6:17 pm | by emanisa.lk

පාකිස්තානය සමග පැවැති ලෝක කුසලාන අවසන් මහා තරඟයේ දී කඩුලු 05ක පහසු ජයක් වාර්තා කරමින් ජයග්‍රහණය කිරීමට එංගලන්තය සමත් විය.

මෙම තරඟයේ දී පළමුව පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දු වාර 20 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 137ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම පන්දුවාර 19ක් අවසනයේ නියමිත ඉලක්කය පසුකර ගියේ කඩුලු 05ක් පමණක් අහිමි කර ගනිමිනි.

2010 වසරේ විස්සයි විස්ස ලෝක කුසලානය එංගලන්තයට හිමි වූ අතර මෙවර අවසන් තරඟය මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *