වසර 17කට පසු 20/20 ක්‍රිකට් ලෝක කුසලානය හිමිකරගැනීමට ඉන්දීය කණ්ඩායම අද (29) සමත්විය.
ඒ 2024 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 7කින් පරාජයට පත්කරමිනි.
මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20දි කඩුලු 7ක් දැවී ලකුණු 176ක් රැස් කිරීමට සමත්විය.
ලකුණු 177ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකා කණ්ඩායමට නියමිත පන්දු ඕවර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 169ක් පමණි.