ඇෆ්ලටොක්සීන් නැමැති පිළිකා කාරකය බහුලව අඩංගු බවට පිළිගැණෙන පොල්තෙල් සහ වියලි මිරිස් තත්ව සහතිකය ලැබෙන තෙක් ආනයනික සමාගම්වලට මුදා හැරීම අත්හිටුවූ බව රේගු අධ්‍යක්‍ෂ ජනරාල් විශ‍්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප‍්‍රිය අද (12) පෙරවරුවේ සඳහන් කළේ ය.
බොහෝ ආනයනික භාණ්ඩ රදවාගැනීමට රේගුවේ ගුදම් පහසුකම් සීමාසහිත වීම නිසා තත්ව සහතිකය ලැබෙන තෙක් ආනයනකරුගේ ගබඩාවලට මුදාහරි බවත් ඇෆ්ලටොක්සීන් සහිත පොල්තෙල් ප‍්‍රශ්නය හේතුවෙන් මෙම තීරණය ගත් බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.