විස පොල්තෙල් ගෙන සමාගම් 05ට වැඩ වරදී….! විශාල වන්දියක් ගෙවන්නත් වෙයි…!

April 11, 2021 at 6:59 am | by emanisa.lk

ඇෆ්ලටොක්සීන් අඩංගු විෂ පොල්තෙල් ගෙන ආ මහ පරිමාණ සමාගම් 05ට එරෙහිව පාරිභෝගික අධිකාරිය සහ ශ්‍රී ලංකා රේගුව නීතිමය පියවර ගනු ඇතැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

එසේ ම අදාළ විෂ පොල්තෙල් නැවත ප්‍රති-අපනයනය කිරීමට කටයුතු කරන බව ද ඇමැතිවරයා අවධාරණය කරයි.

ඇෆ්ලටොක්සීන් සිරුරට අහිතකර බව දැන දැන ශ්‍රී ලංකාවට ගෙන ඒම මෙරට නීතිය උල්ලංඝනය කිරීමක් බව ද හෙතෙම සඳහන් කරයි.

අදාළ විමර්ශනවල දී මෙම සමාගම් විෂ පොල්තෙල් හිතාමතා ලංකාවට ගෙන ආ බව තහවුරු වුවහොත් එම සමාගම්වලින් සහ ඊට අදාළ බහුජාතික සමාගම්වලින් විශාල වන්දියක් ලබා ගත හැකි බව ද ඇමැති බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *