සෞඛ්‍ය අමාත්‍යවරියගේ සහ කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍යවරියගේ උපදෙස් මත කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා තීන්දු තීරණ ගන්නා ලෙස ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.
කොවිඩ් වසංගතය පිළිබඳ වැඩ කළ විශේෂඥයින් රැල්ලෙන් රැල්ලට පැත්තකට කර ඇතැයි ද එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික නලින්ද ජයතිස්ස සඳහන් කළේය.
“කොවිඩ් ආසාදිත අය මරණයට පත්වන වේගය සලකා බැලීමේ දී මේ කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බළකායේ කටයුතු පිළිබඳ ව අපට කිසිසේත්ම සෑහීමකට පත්වෙන්න බෑ. රටේ අවාසනාවකට කොවිඩ් සම්බන්ධයෙන් වැඩ කරපු විශේෂඥයින් රැල්ලෙන් රැල්ල පැත්තකට කරා. කොවිඩ් රැලි 4ක් එනකොටත් ඉතිරිවෙලා තියෙන්නේ ජනාධිපතිතුමාට හමුදාපතිවරයා සහ බුද්ධි ප්‍රධානියා විතරයි.
ජනාධිපතිතුමාගෙන් ඉතා ම ආයාචනාත්මක ව ඉල්ලා සිටිනවා ඔබතුමාට මේ රටේ වෛද්‍ය විශේෂඥයින් කියන දේ අහන්න බැරි නම් ඔබතුමාගේ කැබිනට් එකේ ඉන්න සෞඛ්‍ය අමාත්‍යවරිය සහ කොවිඩ් රාජ්‍ය අමාත්‍යවරිය කියන දේටවත් ඇහුම්කන් දෙන්න.”