ඩෙල්ටා කොවිඩ් ආසාදිතයින් 300ක් නිදැල්ලේ…! පළමු රැලිවලට වඩා භයංකර තුන් වෙනි රැල්ලක්…! – PHI සංගමය…

July 18, 2021 at 10:46 pm | by emanisa.lk

ඩෙල්ටා කොවිඩ් ආසාදිතයින් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන පසුබිමක සංචරණ සීමා තව දුරටත් ලිහිල් කිරීම සුදුසු නොවන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි.

ඩෙල්ටා ප්‍රභේදය ඉදිරියේ දී මෙරට තුළ ව්‍යාප්ත වන ප්‍රමුඛතම කොවිඩ් ප්‍රභේදය බවට පත්වනු ඇති බව එහි සභාපති උපුල් රෝහණ පෙන්වා දෙයි.

මේ වන විට හමු වී ඇත්තේ ඩෙල්ටා කොවිඩ් ආසාදිතයින් 35ක් වුව ද විශේෂඥ මතය අනුව මේ වන විට ඩෙල්ටා කොවිඩ් ආසාදිතයින් 250-300ක් පමණ සමාජයේ සිටිය හැකි බවට ඔහු අනතුරු ඇඟවූයේ ය.

මේ වන විට දක්නට ලැබෙන්නේ කෘත්‍රිම රෝගීන් අඩු වීමක් බවත් දෛනික මරණවල කිසිදු අඩුවක් නොමැති බවත් උපුල් රෝහණ සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස