ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ 41 දෙනෙකු සමගි ජන බලවේගය ගෙන එන විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානම් බව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.
කෙසේ වුව ද එම විශ්වාසභංගය මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවීම පිළිබඳ තමන්ට සැකයක් ඇති බවයි, ඔහු සඳහන් කළේ.
මෙය සජිත් ප්‍රේමදාස සහ බැසිල් රාජපක්ෂ අතර ඇති වූ ඩීල් එකක ප්‍රතිඵලයක් බව ද වාසුදේව නානායක්කාර අවධාරණය කරයි.
ඉදිරි මැතිවරණයේ දී තමා ඇතුළු ස්වාධීන කණ්ඩායම වෙනම තරඟ කරන බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.