විශ්වාසභංගේ නොඑන්නේ බැසිල් සජිත් ඩීල් එක නිසයි…! – වාසු….

April 26, 2022 at 6:32 pm | by emanisa.lk

ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ 41 දෙනෙකු සමගි ජන බලවේගය ගෙන එන විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානම් බව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.

කෙසේ වුව ද එම විශ්වාසභංගය මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවීම පිළිබඳ තමන්ට සැකයක් ඇති බවයි, ඔහු සඳහන් කළේ.

මෙය සජිත් ප්‍රේමදාස සහ බැසිල් රාජපක්ෂ අතර ඇති වූ ඩීල් එකක ප්‍රතිඵලයක් බව ද වාසුදේව නානායක්කාර අවධාරණය කරයි.

ඉදිරි මැතිවරණයේ දී තමා ඇතුළු ස්වාධීන කණ්ඩායම වෙනම තරඟ කරන බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *