මේ වන විට ශිෂ්‍යත්ව පන්ති සහ සාපෙළ පන්ති කරන මුවාවෙන් අන්තවාදී දේශපාලන පක්ෂ පාසල් පද්ධතියට රිංගමින් ඇතැයි රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි.
සිය පක්ෂ ලාංඡන සහ නම් ද භාවිත කරමින් දෙමාපියන්ට ද අදාළ පන්ති අනිවාර්ය කරමින් සිදුවන මෙම ක්‍රියාවලිය ඉතා ම අවාසනාවන්ත තත්ත්වයක් බවයි, ඔහු සඳහන් කළේ.
රටේ පාසල් දරුවන්ගේ ඔළුවට දේශපාලනය දමමින් ළමා පරපුර විනාශ නොකරන ලෙස රටේ විශ්වවිද්‍යාල පද්ධතිය විනාශ කළ මෙම කණ්ඩායමෙන් ඉල්ලා සිටින බව ද ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අවධාරණය කරයි.
ඇතැම් ගුරු සංගම් සහ විදුහල්පතිවරුන් ද මේ සඳහා සහයෝගය ලබා දෙන බව පවසන ඇමැතිවරයා, මේ පිළිබඳ සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.