විවෘත විශ්වවිද්‍යාලය පෞද්ගලීකරණය කරයි…!

April 3, 2023 at 12:48 pm | by emanisa.lk

විවෘත විශ්වවිද්‍යාලය පෞද්ගලීකරණය කිරීමේ උත්සාහයක් ඇතැයි එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අබ්දුල්ලා මොහොමඩ් රිෆාක් චෝදනා කරයි.

එම විශ්වවිද්‍යාලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ඉවත් කර වෙන ම පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ලෙසින් පවත්වා ගෙන යාමට අධිකරණ හා බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පනත් කෙටුම්පතක් සකස් කර ඇතැයි ද හෙතෙම හෙළි කරයි.

උසස් අධ්‍යාපන ඇමතිවරයා හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ සහභාගිත්වයෙන් තොරව උසස් අධ්‍යාපන විෂයට කිසිදු අදාළත්වයක් නොමැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතර දෙනෙකු යොදා උසස් අධ්‍යාපන ක්‍ෂේත්‍රයට අදාළ මෙම කෙටුම්පත නිර්මාණය කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේ ය.

මේ අතර, විවෘත විශ්වවිද්‍යාලයේ ගාස්තු සියයට 55කින් ඉහළ දමා තිබීම තුළ සිසුන් දැඩි අපහසුතාවට ලක්ව ඇතැයි ද එහි ඉගෙනුම ලබන සිසුන් 34,000න් සියයට 40ක් සිය පාඨමාලා අතහැර යන තත්ත්වයට පත්වී සිටින බව ද අබ්දුල්ලා මොහොමඩ් රිෆාක් සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *