විරෝධතා කරන අය රනිල්ට වැඳගෙන හිටියේ..! ජනතාවට ඕන ප්‍රශ්නවලට විසඳුම් මිස විරෝධතා නෙමෙයි…! – පාඨලී..

November 11, 2022 at 7:15 am | by emanisa.lk

රටේ ප්‍රශ්නවලට විසඳුම් ඉදිරිපත් කරද්දී එය ආණ්ඩුවට එකතුවීමක් වශයෙන් හුවාදැක්වීම අවරගණයේ ක්‍රියාවක් බව 43 වැනි සේනාංකයේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

ඔබත් ආණ්ඩුවට එකතු වන්නේ දැයි මාධ්‍ය විමසූ විට හිටපු අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

“අවරගණයේ කතානේ. රටට විසඳුම් ඉදිරිපත් කරන කොට ඉතින් ඔන්න ආණ්ඩුවට යනවා. රනිල්ගේ පැත්ත ගන්නවා ආදී වශයෙන් කියනවා. අපි කවදත් කොන්ද කෙලින් තියාගෙන රටට විසඳුම් ඉදිරිපත් කරලා විසඳුම් ක්‍රියාත්මක කරන්න කැපවූ පිරිස. ඉතින් අපි මේ ජනවාරි මාසේ ඉදිරිපත් කළා. ඒක අහන්නේ නැතුව ගිහිල්ලා තමයි ආණ්ඩුව රට බංකොලොත් කර ගත්තේ.

ඉතින් අපි දැනුත් විශ්වාස කරනවා රටට අවශ්‍ය විසඳුම් සහ ඒ සඳහා කටයුතු කිරීම. විරෝධතා කමක් නැහැ. තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්. නමුත් රටට ඕන විසඳුම් මිනිස්සුන්ට ඕනේ තමුන්ගේ දැවෙන ප්‍රශ්නවලට. ඖෂධ නැතිකමට, කෑම නැතිකමට. රස්සා නැතිකමට, ආදායම් අහිමිවීම ගැන, තෙල් නැතිවීම ගැන, විදුලිය නැතිවීම ගැන, ආර්ථික කඩාවැටීම, රටෙන් අපේ තරුණ පරම්පරාව පලා යන එක, වෘත්තීයවේදීන් මේ රටේ පලා යන එකට විසඳුම්.

ඔය හුගාක් දෙනෙක්ගේ තත්ත්වයන් අපි දන්නවනේ. ඔය විරෝධතා දක්වන අය, රනිල් වික්‍රමසිංහ මහත්තයට කාලයක් තිස්සේ නායකයා කියාගෙන, වැඳගෙන හිටපු අය තමයි අද ගොඩක් දෙනෙක් බනින්නේ. ඒ වගේම හෙට දිනයේ ඒගොල්ලෝ එකතු වෙන්නත් පුළුවන්.

අපි ඒ ජාතියේ කට්ටියක් නෙමෙයි. අපි මහින්ද රාජපක්ෂ මහත්තයාවත්, රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්කවත්, වෙන කා එක්කවත් පුද්ගලික වෛරයක් නෑ. අපිට අවශ්‍ය මේ රටට විසඳුම් ඉදිරිපත් කරන්න. ඒ විසඳුම් අපි ඉදිරිපත් කරනවා. ඒ වගේම ඒ විසඳුම් ක්‍රියාත්මක කිරීමට කැපවෙනවා”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *