විරෝධතාවට ගිය සජිත්ටත් විරෝධයක්…!

November 2, 2022 at 6:54 pm | by emanisa.lk

අද දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන මගින් සංවිධානය කළ විරෝධතාවට එකතු වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට එහි දී විරෝධයක් ඇති විය.

විරෝධතාකරුවන් ප්‍රකාශ කළේ ජනතාව පාවිච්චි කිරීමට සූදානම් නොවන ලෙසය.

සජිත් ප්‍රේමදාසලා බලයේ සිටින විට ද ප්‍රතිපත්තියක් අනුව රට පාලනය නොකළ බවට ද ඔවුහු චෝදනා කළහ.

මාස හයක් තිස්සේ අරගල කළේ උඹලා එපා නිසා යැයි ද ඔවුහු කියනු ඇසිණි.

පසුගිය අරගලය අවස්ථාවේ ගාලු මුවදොරට ගිය විපක්ෂ නායකවරයා එහි දී ප්‍රහාරයකට ලක්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *