වාසුදේව නානායක්කාර ඇමැතිවරයා ධූරයෙන් ඉවත් නොකළේ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇමැති ධූරවලින් ඉවත් කළ පසු වාසුදේව ද ඉවත් වනු ඇතැයි යන අදහසින් බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ පවසයි.
“විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇමැති ධූරවලින් ඉවත් කළේ කැමැත්තකින් නෙවෙයි. නමුත් දේශපාලනය සහ ආණ්ඩු කිරීමේදී යම් යම් තීන්දු ගැනීමට සිදුවෙනවා.
එම ඇමැතිවරුන් සමග සිටි වාසුදේව නානායක්කාර ඇමැතිවරයා ඉවත් කළේ නැත්තේ ඇයිදැයි අහනවා. අපි හිතුවේ තුන්වැනියා ඉබේම ඉවත් වෙයි කියලා. ඔවුන් ඉවත් වූවා කියලා ආණ්ඩුව පවත්වා ගෙන යාමේ ගැටලුවක් නැහැ.
අපට බනින අය, විවේචනය කරන අය සතුරන් නෙවෙයි. ඉවසීමෙන් වැඩ කරන්න ඕන. අගමැතිතුමාගෙන් දේශපාලන ඉවසීම ගැන ගොඩාක් ඉගෙන ගන්න පුළුවන්.”
ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ (08) පැවැති පසුපෙළ මන්ත්‍රී හමුවේ දී නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.