මව්බිම ජනතා පක්ෂයේ සභාපති ධුරයෙන් ආචාර්ය සරත් අමුණුගම මහතා ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.
ඒ, දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුත් මව්බිම ජනතා පක්ෂය ඊයේ (27) අත්සන් තබන ලද නව සන්ධානයට විරෝධය පළ කරමිනි.
විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි ජාතිවාදීන් සමග තමන්ට කිසිදු දේශපාලන ගමනක් නොමැති බව පවසමින් සරත් අමුණුගම මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි, සඳහන් වන්නේ.