විමල්ලගේ හරිමගේ තියෙන්නේ IMF යෝජනාමයි…! – බැසිල්…

March 23, 2022 at 7:59 pm | by emanisa.lk

හරිමග යන බව පවසමින් ප්‍රකාශයක් නිකුත් කළ පිරිස අද මහමගට වැටී ඇතැයි මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ පවසයි.

කෙසේ වුව ද එහි සඳහන් යෝජනා ආණ්ඩුව එකිනෙක ක්‍රියාත්මක කරමින් ඇති බවයි, මුදල් ඇමැතිවරයා පෙන්වා දෙන්නේ.

හරිමග යෝජනාවලිය ළඟ තබා ගෙන තමා නිතර පරිශීලනය කරන බවත් එම යෝජනාවලිය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා අතර වෙනසක් නොමැති බවත් බැසිල් රාජපක්ෂ සඳහන් කරයි.

අද (23) පැවැති සර්වපාක්ෂික සමුළුව අමතමින් මුදල් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *