හරිමග ගිය දොලවත්තට කුඩම්මාගේ සැලකිලි…! ආණ්ඩුවේ පසුපෙළ හමුවටත් වැද්ද නොගනී..!

March 23, 2022 at 6:31 pm | by emanisa.lk

ආණ්ඩු පක්ෂය තුළින්ම තමන්ට කුඩම්මාගේ සැලකිලි දක්වන බව කොළඹ දිස්ත්‍රික් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත පවසයි.

ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමේ සාකච්ඡාවලට සහභාගී වීමට හෝ තමන්ට අවස්ථාව ලබා නොදෙන බවයි, මන්ත්‍රීවරයා කියා සිටින්නේ.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ 11 කණ්ඩායමේ සාකච්ඡා සහභාගි වූ බව කියමින් මෙසේ තමන්ට අඩු සැළකිලි දක්වන බව පෙන්වා දෙන දොලවත්ත මහතා පවසන්නේ එම චෝදනාවේ කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි.

2015 මහින්ද රාජපක්ෂගේ පරාජයෙන් පසුව ඔහු වෙනුවෙන් පෙනී සිටි පස්දෙනාගෙන් එක් අයෙකු වන තමාට මෙවැනි අඩු සැලකිල්ලක් දැක්වීම කිසිසේත්ම සුදුසු නොවන බවත්, පරාජයේදීත් මහින්ද රාජපක්ෂ මහතා අතහැර නොසිටි පුද්ගලයෙකු ලෙස තමාට එම වටිනාකම හිමිවිය යුතු බවත් ඔහු සඳහන් කරයි.

කුමන පාර්ශ්වයක් නියෝජනය කළද තමා හෘදසාක්ෂියට අනුව කටයුතු කරන බවත්, පක්ෂ 11 කණ්ඩායම පැවැත්වූ හරිමග රැස්වීම සඳහා සහභාගි වීම කිසිසේත්ම වැරදි ක්‍රියාවක් ලෙස සැලකිය නොහැකි බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *