විමල්ගේ ප්‍රකාශයට පොහොට්ටු නායක මහින්ද ප්‍රතිචාර දක්වයි….!

February 9, 2021 at 11:27 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ අමාත්‍ය විමල් වීරවංශ අතර ඇති වී තිබෙන මතභේදාත්මක තත්ත්වය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අදහස් පළ කරයි.

ඔහු සඳහන් කරන්නේ තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයෙන් ඉවත් කළ යුතු බවක් විමල් වීවරංශ ප්‍රකාශ කළ බවක් තමන් නොදන්නා බවයි.

අගමැතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ ආණ්ඩු පක්ෂ නායකයින්ගේ රැස්වීම අද පස්වරුවේ රැස් වූ අවස්ථාවේදීය.

එම හමුව සඳහා සහභාගි වූ ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ පවසා ඇත්තේ තමන් පුවත්පතට කළ ප්‍රකාශයෙන් අදහස් කළේ මහින්ද රාජපක්ෂ පක්‍ෂ නායකත්වයෙන් ඉවත් කිරීමක් ගැන නොව ජනාධිපතිතුමන් දේශපාලන පක්‍ෂ ව්‍යුහයක් තුළ නොමැතිවීමෙන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් සහ ජනාධිපති අතර සමීප සම්බන්ධතාවක් ගොඩ නොනැගෙන බවයි. එනිසා ජනාධිපතිවරයාට ද පක්‍ෂය තුළ ඉහළ තනතුරක් දිය යුතු යයි තමන් අදහස් පල කළ බව ද ඔහු සඳහන් කර ඇත.

අග්‍රාමාත්‍යවරයා එහි දී සඳහන් කර ඇත්තේ තමන් එය තේරුම් ගත් බවත් තමන් ඉවත් කිරීමක් කළ යුතු බවට සඳහනක් තමන් නොදුටු බවත්ය. කෙසේ වෙතත් මෙම ගැටුම තවදුරටත් අරන් යා යුතු නැති බවද අමාත්‍යවරයා පෙන්වා දී ඇත. උණුසුම් තත්වයක් ඇති වෙතැයි අනුමාන කර තිබූ එම පක්ෂ නායක රැස්වීම එවන් තත්ත්වයක් ඇති වී නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස