විපක්ෂ සංවිධායකකමට ගයන්ත හරීන් ඇවිළෙයි! පැත්තක සිටි කිරිඇල්ලගේ පින මතුවෙයි!

August 21, 2020 at 9:00 am | by emanisa.lk

අභිනව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය සඳහා සජිත් ප්‍රේමදාසගේ තේරීම වූ හරීන් ප්‍රනාන්දු සහ ගයන්ත කරුණාතිලක අතර අදාළ ධුරය සඳහා තරඟයක් ඇතිවීම මත එය තුන්වන පාර්ශවයකට ලබා දීමට සජිත් ප්‍රේමදාස පියවර ගෙන තිබේ.

ඒ අනුව එම තනතුර ලක්ෂ්මන් කිරිඇල්ලට ලබා දීමට සජිත් ප්‍රේමදාස පියවරගෙන තිබේ.

පසුගිය යහපාලන ආණ්ඩුවේ පාර්ලිමේන්තු සභා නායකවරයා ලෙස කටයුතු කළේ කිරිඇල්ලය.

අදාළ ධූරය තමන්ට ලබාදෙන ලෙස ගයන්ත කරුණාතිලක සජිත් ප්‍රේමදාස හමුවේ බැගෑපත් වූ බවද වාර්තා වේ.

ගයන්ත කරුණාතිලක යහපාලන ආණ්ඩුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස