විපක්ෂ නායක කියන චරිතය විහිළුකාරයකු බවට පත්ව ඇති බවත් විහිළු සපයන වැඩ කටයුතු කිරීම කාලෝචිත නොමැති බවත් ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.
“ජනාධිපතිවරු දෙදෙනෙක් කතා කළත් තනතුරු බාර නොගෙන අද පාරට ඇවිත් ජනතාව පෙළ ගස්සනවා. මොකක්ද මේ කරන්න යන විහිළුව.
අද මහ පාරේ සිටින අරගලකරුවන් උද්ඝෝෂණය කරන්නේ නම් ඊට පාර්ලිමේන්තුවේ සිටින 225 ම වගකිව යුතුයි කියලා.
සංචාරක කර්මාන්තය කඩා වැටිලා, ඊට බාධාවක් වෙනවා, සාමාන්‍ය ජනතාවට බාධාවක් වෙනවා. ඒ නිසා මේ පාලකයන් අරගලකරුවන්ව හඳුන්වන්නේ රාජද්‍රෝහීන් ලෙසයි.
එහෙම නම් ජනතාවගේ හඬට ඇහුම් කන් දී පාර්ලිමේන්තුව තුළම තීන්දු තීරණ ගත යුතුයි. රටේ ජනතාවට උද්ඝෝෂණය කිරීමට අයිතියක් තියෙනවා. භාෂණයේ අයිතියක් තිබෙනවා. ඒ සියල්ලම ඇත්ත.
ඒ හඬ වෙනුවෙන් ලැබෙන පිළිතුර කුමක් ද කියන එක අද ගැටළුවක් වෙලා තියෙනවා. ඒ නිසයි අපි කියන්නේ මෙය පාර්ලිමේන්තුව තුළම ප්රජාතන්ත්රවාදී ලෙස ක්‍රියාත්මක කළ යුතු බව.”