සුළු ජාතික පක්ෂවල මන්ත්‍රීිවරු තිදෙනෙක් ආණ්ඩුවට එකතු වීමට සාකච්ඡා පවත්වමින් ඇතැයි එජාපයට හිතැති වෙබ් අඩවියක් වාර්තා කර තිබේ.
විපක්ෂයේ සිටින ජ්‍යෙෂ්ඨ දේශපාලකයන් වන මේ පිරිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය දීමට ද එකඟ වී තිබේ.
ඒ අතරින් අයෙකු රාජ්‍ය ඇමති ධුරයක් ද සෙසු දෙදනා සිය පළාත් සංවර්ධනය සඳහා රාජ්‍ය අනුග්‍රහය ද ඉල්ලා තිබේ.
ආණ්ඩුවට දැනටමත් ආසන 150ක් තිබුණ ද කතානායක අසුන ඉවත් කළ විට ඇත්තේ ආසන 149කි. පෙර සඳහන් කළ තිදෙනා පළමුව ද අනතුරුව තවත් පිරිසක් ද ආණ්ඩුවට එකතු කර ගැනීමේ සැලසුමක් ඇතැයි අදාළ වෙබ් අඩවිය වැඩි දුරටත් අනාවරණය කරයි.