විපක්ෂයේ තවත් 03ක් ආණ්ඩුවට! ආණ්ඩුවේ සංඥාව ලැබෙන තුරු විපක්ෂයේ!

November 2, 2020 at 10:00 am | by emanisa.lk

විපක්ෂය නියෝජනය කරන තවත් මන්ත්‍රීවරුන් තිදෙනෙක් ආණ්ඩුවට එකතු වීම සඳහා සූදානමින් සිටින බව වාර්තා වෙයි.

කෙසේ වුවද ආණ්ඩුව මේ පිරිසට පවසා ඇත්තේ දැනට විපක්ෂයේ 09 දෙනෙකු ආණ්ඩුවට සහාය ලබා දෙන බැවින් දැන් ම ආණ්ඩුවට එකතු වීමේ අවශ්‍යතාවක් නොමැති බව ය.

මෙලෙස ආණ්ඩුවට එකතු වීමට සූදානම් වන පිරිස අතර මුස්ලිම් පක්ෂ නායකයන් දෙදෙනෙකු සහ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු සිටින බව දැනගන්නට තිබේ.

මේ පිරිසට ඉදිරි අයවැය හෝ අයවැය සඳහා ඡන්දය විමසන අවස්ථාව තෙක් ඉවසිල්ලෙන් විපක්ෂයේ සිට කටයුතු කරන ලෙස ආණ්ඩු පාර්ශ්වය දැනුම් දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *