අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීමත් සමග තමා සතු ඩොලර් රුපියල් බවට පත් කිරීමට ජනතාව පෙළඹී තිබේ.
ඩොලරයේ අගය පහළ යමින් තිබීම ඊට හේතුවයි. මේ නිසා විනිමය හුවමාරු මධ්‍යස්ථානවල දැඩි කාර්යබහුල තත්ත්වයක් නිර්මාණය වී තිබෙන අයුරු ඊයේ (9) දක්නට ලැබිණි.
ඉදිරියේ දී IMF වැඩසටහන සමග මෙරට ආර්ථිකය පිළිබඳ විශ්වාසය තහවුරු වීමත් සමග ඩොලරය තවත් අවප්‍රමාණ වනු ඇති බවට අනුමාන කරමින් මෙලෙස ඩොලර් රුපියල් බවට පත් කිරීමට ජනතාව යුහුසුලු වන බව වාර්තා වෙයි.
ඊයේ රාත්‍රිය වන විට මහ බැංකුව ඩොලර් මිලියන 700කට අධික ප්‍රමාණයක් මිලයට ගෙන තිබිණි. මහ බැංකුව මැදිහත් වී රුපියල ශක්තිමත් වීම යම් පාලනයකට නතු නොකරන්නට ඩොලරය රු. 280ක පමණ මුදලකට අවප්‍රමාණ වනු ඇතැයි ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති.