රනිල්-කොළ, දෙශප්‍රේමි-දේශද්‍රෝහී ආදී සියලු බොරු බෙදීම් අවසන් වී රට විනාශ කළ කඳවුර සහ රටට විසඳුම් ගෙනෙන කඳවුර ලෙස රට පැහැදිලි ලෙස බෙදී ඇතැයි ජවිපෙ නායක අනුර දිසානායක පවසයි.
රට විනාශ කළ කඳවුරේ රාජපක්ෂලා ද සජිත් ප්‍රේමදාසගේ සුකිරි බටිල්ලන් ද දැන් සිය වේදිකාවල කතා කරන්නේ තමන් පිළිබඳ බවයි, ඔහු පෙන්වා දුන්නේ.
ජවිපෙ නායකයා එහි දී අවධාරණය කරන්නේ විනාශ කළ රට ගොඩනඟන කඳවුර ජාතික ජන බලවේගය බවයි.
බතලේගොඩ බීජ පර්යේෂණ ආයතනයේ දෙමුහුන් වී වර්ග හඳුන්වා දුන් ආචාර්ය ධනපාල, ලාංකීය බාස්මතී සොයාගත් ආචාර්ය සුමිත්, ගොවි නායකයෙක් වන නාමල් කරුණාරත්න සිටින්නේ තමන් සමග බවත් සිට ආණ්ඩුව යටතේ රටේ කෘෂිකර්මය භාරදෙන්නේ ඔවුන්ට බවත් අනුර දිසානායක පවසයි.
රටේ ආරක්ෂාව සිය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් විධායක සභාව නියෝජනය කරන නැගෙනහිර හිටපු ආඥාපති, මේජර් ජෙනරාල් අනුර ජයසිංහට පැවරෙන බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.