අපි හම්බ කළොත් අපි කයි කිය කිය ඉඳල බෑ,..! දැන්වත් රට හදන්න අපට භාර දෙන්න…! – අනුර…

December 20, 2021 at 5:23 pm | by emanisa.lk

රට මුහුණ දී ඇති අර්බුදවලින් ගොඩ ඒමට තනි තනිව විසඳුම් සෙවිය නොහැකි බවත්, සියලු පාර්ශ්ව එක්ව කටයුතු කළ යුතු බවත් ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි.

“අද අපේ රටත් එහි වෙසෙන ජනතාවත් අතිශය විනාශකාරී අත්දැකීම්වලට මුහණ දෙමින් සිටිනවා. අතිශය විනාශකාරී අන්තයට අපේ ආර්ථිකය ගමන් කරමින් තිබෙනවා.

විශාල භාණ්ඩ හිඟයක් මතුවෙලා තිබෙනවා. භාණ්ඩවල මිල ඉහළගොස් තිබෙනවා. කන්ටේනර් 1,500කට වඩා වැඩි ප්‍රමාණයක් අත්‍යවශ්‍ය භාණ්ඩ වරායේ හිරවෙලා තිබෙනවා. එලඹෙන ණය වාරිකයන් ගෙවා ගැනීමට හැකිද නොහැකිද කියලා අඩමානයකට ඇවිල්ලා තියෙනවා. ජන ජීවිතය අර්බුදකාරී ගැටලු ගණනාවකට යොමුකර තිබෙනවා. අප ඉදිරියේ අද මේ පන්නුම් කරමින් තිබෙන්නේ. දශක ගණනාවක් තිස්සේ අනුගමනය කරලා ආර්ථික සහ දේශපාලන ප්‍රතිපත්තියේ භයානකකම සහ විනාශකාරීත්වය.

ඔබ දන්නවා මෙතෙක් මේ සාම්ප්‍රදායික දේශපාලන ගමන් මඟ අපේ රට වෙනස් කළ හැකිද? ඒ සාම්ප්‍රදායික දේශපාලන ගමන්මඟ අවසානයි. එහෙනම් මේකෙන් ගොඩ ඒමේ මාවතක් කොහේද තිබෙන්නේ, ළිඳට වැටුණේ ළිං කටෙන්නම් ගොඩ එන්න ඕනේ ළිං කටෙන්. මේ විනාශකාරීත්වයට අපේ රට හෙලුවේ වැරදි ආර්ථික, දේශපාලන ප්‍රතිපත්තියක් නම් මේකෙන් ගොඩ එන්න තිබෙන්නේත් නිවැරදි ආර්ථික දේශපාලන ප්‍රතිපත්තියක් අපේ මාතෘ භූමිය තුළ ස්ථාපිත කිරීමෙන් පමණයි.

ඇතැමුන් කල්පනා කරනවා අපට දේශපාලනය එපා කියලා. කවුරු ආවත් එකයි කියලා. අපි හම්බ කළොත් අපි කයි කියලා. තනි තනිව මොනතරම් පිළිතුරු සෙව්වත් මේ අර්බුදයෙන් අද ගොඩඑන්න බැහැ. ්‍

වැද්දාගේ වීසි දැලට හසුවූ තනි තනි වටුවා ඉගිලෙන්නට කොපමණ උත්හාස කළත් එම දැලෙන් ගැලවී යාමට ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැහැ. හැබැයි අවසානයේදී එතන හිටපු බෝධි සත්ත්ව වටුවාණන් කියනවා, “දඩයක්කරුවාගේ දැලෙන් නිදහස් වෙන්නට නම් අපි සාමුහිකව පොර බදන්න ඕනේ.” කියලා.

එහෙම තමයි, අද අපට වෙලා තියෙන්නේ. අපි එකක් කියන්න ලෑස්ති අපි සූදානම් මේ රට භාර ගන්න. ඒ වගේම අපි සූදානම් මේ රට හදන්න.”

අද (20) කොළඹ පැවැති “බිඳවැටුණු මව්බිම ගොඩනඟන විසඳුම” සමුළුවේ දී ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස