මං ජනාධිපති වෙලා ලංකාවේ හොඳ ම ඇමැති මණ්ඩලය හදනවා..! – අනුර…

January 22, 2022 at 3:15 pm | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණු ආණ්ඩුවක් යටතේ මේ රටේ අමාත්‍ය මණ්ඩලය 25 දෙනෙකුට සීමා කරන බව එහි නායක අනුර දිසානායක පවසයි.

එම කැබිනට් ඇමැතිවරු යටතේ නියෝජ්‍ය අමාත්‍ය ධූර 25ක් ක්‍රියාත්මක කරන බවත් වෙනත් නම්වලින් කිසිදු ඇමැති ධූරයක් ලබා නොදෙන බවත් හෙතෙම අවධාරණය කරයි.

අනුර දිසානායක සඳහන් කරන්නේ, නලින්ද ජයතිස්ස, නිහාල් අබේසිංහ ඇතුළු පිරිසට එම ආණ්ඩුවේ සෞඛ්‍ය අංශය ද සුනිල් හඳුන්නෙත්ති, අනිල් ජයන්ත, වසන්ත සමරසිංහ ඇතුළු පිරිසට ආර්ථික අංශය ද භාර වන බවයි.

මේ රටේ මෙතෙක් පහළ වූ දක්ෂතම අදූෂිතම කැපකිරීම් කරන අමාත්‍ය මණ්ඩලයක් තමන් ගොඩනඟන බවත් ජවිපෙ නායකයා අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *