විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම අපේ ප්‍රතිපත්තියයි…! – සජිත්..

February 12, 2024 at 7:48 pm | by emanisa.lk

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සිය පක්ෂයේ ප්‍රතිපත්තිය බව සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස පවසයි.

එහෙත් ඊට මුවා වී ජනාධිපතිවරණය නොපවත්වා සිටීමට තමන් ඉඩ නොතබන බව හෙතෙම අවධාරණය කරයි.

සමහරු සිය පෞද්ගලික දේශපාලන ආයු කාලය දීර්ඝ කර ගැනීම සඳහා විධායක ජනාධිපති ධූරය කඩිමුඩියේ අහෝසි කිරීමට උත්සාහ කරන බවට ද සජිත් ප්‍රේමදාස චෝදනා කළේය.

සමගි නීතීඥ සංගමයේ වාර්ෂික සමුළුවට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *