විදේශ මුදල් සංචිත රකින්න තවත් පියවරක්….! විදෙස්ගත වන විට ගෙන යා හැකි ඩොලර් ගණන සීමා කරයි….!

July 6, 2021 at 8:45 am | by emanisa.lk

වෙනත් රටක තාවකාලික නේවාසික වීසා යටතේ ශ්‍රී ලංකාව හැර යෑමට අදහස් කරන ඕනෑම පුද්ගලයකු වෙනුවෙන් විදේශ විනිමය නිකුත් කිරීම ඇමරිකානු ඩොලර් දස දහසක් හෝ වෙනත් ඕනෑ ම විදේශ ව්‍යවහාර මුදලකින් එයට සමාන ප‍්‍රමාණයක උපරිමයක් දක්වා සීමා කිරීමට රජය තීරණය කර ඇත.

රට තුළ පවතින විදේශ මුදල් සංචිත ආරක්‍ෂා කර ගැනීම සඳහා විදේශ විනිමය පනත යටතේ මෙම නියමය පනවා ඇත.

තාවකාලික නේවාසික වීසා ලබාගෙන ඇති ඕනෑ ම ශ්‍රී ලාංකික පුරවැසියෙකු වෙනුවෙන් කරනු ලබන ප‍්‍රතිමුඛ ප්‍රේෂණ හෝ විදේශ විනිමය නිකුත් කිරීම ඇමරිකානු ඩොලර් 20,000 හෝ වෙනත් ඕනෑම නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදලකින් එයට සමාන ප‍්‍රමාණයක උපරිමයක් දක්වා ද සීමාකර ඇත.

2021 ජුලි 02 දින සිට ආරම්භ වන මාස හයක කාල සීමාව සඳහා මෙම සීමා කිරීම් ක‍්‍රියාත්මක වන අතර 2021 ජුලි 02 දිනැති අංක 2234/49 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් මෙම නියමයන් පනවා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *