ලංකා විදෙස් සංචිත රකින්න චීන මිතුරා පෙරට…! ලංකාවට ඩොලර් බිලියන 1.5ක ණයක්…!

March 11, 2021 at 10:12 pm | by emanisa.lk

විනිමය හුවමාරු පහසුකම යටතේ අමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක ශ්‍රී ලංකා මහ බැංකුවට ලබාදීම චීන මහජන බැංකුව අනුමත කර තිබේ.

මුදල්, ප්‍රාග්ධන වෙළඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ට්විටර් සටහනක් තබමින් මේ බව නිවේදනය කර තිබේ.

ඒ අනුව චීනයෙන් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත මුදල චීන යුවාන් බිලියන 10කි. එමගින් මෙරට නිල විදේශ සංචිත ශක්තිමත් කරගැනීමට හැකියාව ලැබෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *