විදෙස් ඉන්ධන සමාගම් තුන ගෙනාවේ රනිල් නෙමෙයි…!

March 30, 2023 at 8:16 am | by emanisa.lk

ශ්‍රී ලංකාව තුළ ඉන්ධන ඉන්ධන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීමට තවත් පෞද්ගලික සමාගම් වලට අවසර දීමේ තීරණය ගත්තේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බව වාර්තා වෙයි.

ඒ හිටපු ජනාධිපතිවරයා ප්‍රධානියා ලෙස කටයුතු කරපු 2022.6.27 පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී බව සඳහන් ගැසට් පත්‍රයක් සමාජ මාධ්‍යවල හුවමාරු වෙයි.

ඒ අනුව වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ සිදුකොට ඇත්තේ හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ගත් තීන්දුව ක්‍රියාත්මක කිරීම පමණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *