විදුලි බිල 50%කින් අඩු කරන යුගදනවි ගිවිසුමට අනුර විරුද්ධ ඇයි…! – ජොන්ස්ටන්..

December 20, 2021 at 3:51 pm | by emanisa.lk

තමන් යුගදනවි ගිවිසුම වෙනුවෙන් පෙනී සිටින බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

ඇමැතිවරයා අවධාරණය කළේ, යුගදනවි ගිවිසුමෙන් රට පාවා දෙන බවට, රටේ සම්පත් විකුණන බවට හා එයින් දූෂණයක් වී ඇති බවට නැගෙන චෝදනා තමන් සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවයි.

මේ ගිවිසුම සම්බන්ධයෙන් ගත් කැබිනට් තීරණවලින් රටේ විදුලි බිල අඩු වන බව කී ඇමතිවරයා, විදුලි ඒකකයක් මිල දී ගැනීමට වැය වන මුදල සියයට 50 කින් පමණ අඩු වන බව ද කීවේය.

ඇමතිවරයා මේ බව පැවසුවේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ “සෞභාග්‍යයේ දැක්ම” ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩසටහන් යථාර්ථයක් කරලීම වෙනුවෙන් දායක වූ රාජ්‍ය හා පෞද්ගලික අංශ විශිෂ්ටයින් ඇගයීමේ “විශිෂ්ටතා ඇගයීම් රාත්‍රිය”ට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

විදුලි බිල අඩු වන තීන්දුවකට ඇතැම් දේශපාලනඥයින් විරුද්ධ ඇයි දැයි තමන් නොදන්නා බව කී ජොන්ස්ටන් ප්‍රනාන්දු, පීඩිත පන්තිය ගැන කතා කරන අනුර දිසානායක ද මෙම ගිවිසුමට විරුද්ධ වීම සිතාගත නොහැක්කක් බව ද කීවේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස