විදුලි බිල දරා ගන්න බැරි වෙයි…! ගෙවල් ලක්ෂ 08ක් අඳුරේ…! තවත් ලක්ෂ 12කට රතු බිල්…!

December 2, 2023 at 2:31 pm | by emanisa.lk

කලට වේලාවට විදුලි බිල් නොගෙවීම නිසා මේ වසරේ මෙතෙක් දිවයින පුරා නිවාස ලක්ෂ අටකට ආසන්න ප්‍රමාණයක විදුලිය සැපයුම විසන්ධි කර ඇතැයි විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග පවසයි.

මෙයට අමතරව විදුලිය බිල කලට වේලාවට නොගෙවීමේ හේතුව මත රටපුරා තවත් නිවාස ලක්ෂ 12කට පමණ රතු බිල් යවා ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි. මෙරට සමස්ත විදුලි පාරිභෝගිකයින් ප්‍රමාණය ලක්ෂ 70ක් පමණ වෙයි.

විදුලිය ගාස්තු මේ වසරේ අවස්ථා දෙකකදී ඉහළ යෑම නිසා බොහෝ දෙනාට සිය විදුලි බිල් ගෙවීමට නොහැකිව ඇති බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

සමහරුන් විදුලි බිල ගෙවා දැමීම සඳහා කන කර ආභරණ උකස් කිරීම හා ණය ගැනීම වැනි ක්‍රියාමාර්ගවලට යොමුවී සිටින බව ද වාර්තා වේ.

විදුලිය බිල් නිසි වේලාවට නොගෙවීම හේතුවෙන් විදුලිය විසන්ධි කිරීම ඉදිරියේදී තවත් ඉහළ යා හැකි බවත් විසන්ධි කළ විදුලි සබඳතා නැවත ලබා ගැනීමට ගතවන කාලය ද මේ වන විට අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවත් ලංවිමී නිලධාරීහු සඳහන් කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *