විදුලි බිල ඉහළට…! ස්ථාවර ගාස්තුව රු. 290යි…! ඒකකයක් රු. 3කින් ඉහළට…!

March 19, 2022 at 10:58 am | by emanisa.lk

සෑම විදුලි ඒකකයකින්ම රුපියල් දහතුනක පාඩුවක් සිදුවන බැවින් විදුලි බිල වැඩි කරමින් රුපියල් කෝටි දහහතර දාහක අමතර ආදායමක් ලබා ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර ඇත.

ඒ අනුව ඒකක තිහක් දක්වා වූ විදුලි පාරිභෝගිකයකුට මෙතෙක් කල් විදුලි ඒකකයක් ලබාදුන්නේ රුපියල් දෙකයි ශත පනහකටය. ඒ සඳහා ස්ථාවර ගාස්තු ලෙස රුපියල් තිහක් අය කෙරිණි. නව යෝජනාවලියට අනුව ඒකකය රුපියල් පහයි ශත පනහ දක්වා වැඩි වන අතර, ස්ථාවර ගාස්තුව රුපියල් 290 දක්වා වැඩි වෙයි. ඒ අනුව ගෘහස්ථ පරිභෝජනයේදී විදුලිය පාවිච්චිය සඳහා කාණ්ඩ හතක් යටතේ ගාස්තු සංශෝධනය කර තිබේ.

රාජ්‍ය ආයතන, කර්මාන්ත, හෝටල්, වෙළෙඳසල් හා ආගමික සිද්ධස්ථාන සඳහා ද මිල සංශෝධනය සිදුකර ඇත. කර්මාන්ත සඳහා අවම වශයෙන් 38%ක විදුලි බිල වැඩි වීමක්ද, හෝටල් සඳහා 23%ක විදුලි බිල වැඩි වීමක්ද, රාජ්‍ය ආයතන සඳහා 22%ක් වැඩි වීමක්ද අවම වශයෙන් සිදුවන බව එම යෝජනාවලියේ සඳහන් වෙයි.

ලංකා විදුලිබල මණ්ඩලය විදුලි බිල මීට පෙර වැඩි කර ඇත්තේ වසර අටකට පෙරය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *