විදුලි ගාස්තු අඩු කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.
එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම, විදුලිබල මණ්ඩලය, විදුලිබල අමාත්‍යවරයා සහ එම අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.
පසුගිය සමයේ වර්ෂාව නිසා ජල විදුලිය නිෂ්පාදනය ඉහළ යාමෙන් ලැබුණු වාසිය ජනතාවට ලබා දෙන බව විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කොට තිබිණි.