විදුලි බිල 23%කින් පහළට…! ස්ථාවර ගාස්තුව රු. 250යි…!

May 24, 2023 at 2:58 pm | by emanisa.lk

ඉදිරියේ දී සිදුකිරීමට නියමිත විදුලිබිල සංශෝධනය පිළිබඳ මිල ගණන් අමාත්‍ය කාංචන විජේසේකර අද (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ඒ අනුව ඒකක 0 – 30 දක්වා කාණ්ඩය විදුලි ඒකකය මිල රුපියල් 5කින් අඩුකර තිබේ. එම කාණ්ඩය සඳහා ඒකකය නව මිල රුපියල් 25ක් කිරීමට යෝජනා කර ඇත.

ඒම කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රු 400ක සිට රුපියල් 250 දක්වා අඩුකිරීමට යෝජනා කොට ඇති අතර මෙම පවුල් ඒ්කක 1,744,000කට හිමිවනු ඇත. ඒ අනුව පළමු කාණ්ඩයට අවමය 23%ක සහනයක් විදුලිබිල සඳහා ලබා දී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම ඒකක 31 – 60 දක්වා විදුලි බිල 9%කින් අඩුවන බවත් ඒකක 0 – 60 දක්වා 7%කින් අඩු කිරීමට යෝජනා කර තිබේ.

ඒකක 0 – 30 දක්වා පාවිච්චි කරන ආගමික සිද්ධස්ථාන 15,646ක් සඳහා ජුලි මාසයේ විදුලිබිල 23%කින් අඩුවීමට නියමිත බව ද පැවසු අමාත්‍යවරයා, ඒකක 31-60ත් අතර පාවිච්චි කරන ආගමික සිද්ධස්ථාන 10,692ක් සඳහා විදුලිබිල 7%කින් පහත දැමීමට යෝජනා කර ඇතැයි පැවසීය.

හෝටල් කාණ්ඩය සඳහා 29% – 40% අතර විදුලි බිල අඩු කිරීමක් සිදුකිරීමට යෝජනා කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස