විදුලි බල පනත වැඩි ඡන්ද 84කින් සම්මතයි…!

June 9, 2022 at 6:25 pm | by emanisa.lk

ශ්‍රී ලංකා විදුලි බල (සංශෝධන) පනත් කෙටුම්පත වැඩි ඡන්ද 84කින් සම්මත විය.

පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 120ක් සහ විරුද්ධව ඡන්ද 36ක් ලැබිණි.

13 දෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

මේ සමග පුනර්ජනනීය බලශක්ති බලාගාර ඉදිකිරීම සඳහා රටේ පැවැති නීතිමය බාධා ඉවත් වන අතර එම ක්ෂේත්‍රයට ආයෝජන කැඳවා ගැනීමේ අවස්ථාව නිර්මාණය වනු ඇත.

ශ්‍රී ලංකාව මුහුණ දෙන විදුලි අර්බුදය ජයගැනීම සඳහා මෙය ඉතා ම වැදගත් පියවරක් බව විදුලි විශේෂඥයින්ගේ අදහසයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *