2015 වසරේ දී මහින්ද රාජපක්ෂ නැවත ජනාධිපතිවරයා ලෙස පත් කර ගත්තේ නම් අද වන විට රටේ විදුලි අර්බුදයක් මතු නොවන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කරයි.
2015 ගත් වැරදි තීන්දුවේ අතුරු ප්‍රතිඵලයක් ලෙස අද විදුලි අර්බුදය පැන නැගී ඇතැයි ද හෙතෙම පැවසීය.
2015න් පසු පැමිණි යහපාලන ආණ්ඩුව එක විදුලි ඒකකයක් අලුතින් නිෂ්පාදනය නොකිරීම හේතුවෙන් අද වන විට වත්මන් ආණ්ඩුවට ද චෝදනා එල්ල වෙමින් ඇතැයි ද හෙතෙම කියා සිටියේය.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා බල මණ්ඩලයක් පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පල කළේය