විදුලි අර්බුදයට තිරසර විසඳුමක්..! න්‍යෂ්ටික බලයෙන් රටට විදුලිය…!

February 28, 2023 at 11:59 am | by emanisa.lk

න්‍යෂ්ටික හානි සඳහා සිවිල් වගකීම් පිළිබඳ වියානා සම්මුතියේ සහ න්‍යෂ්ටික හානි සඳහා පරිපූරක වන්දි සම්මුතියේ පාර්ශ්වකරුවෙකු වීම සඳහා විදේශ කටයුතු අමාත්‍යවරයා හා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ, අනාගත බලශක්ති අවශ්‍යතාව සපුරාලීම සඳහා න්‍යෂ්ටික බලශක්තිය විකල්පයක් ලෙස සලකා බැලිය යුතු බවට මීට පෙර අමාත්‍ය මණ්ඩලය විසින් ගත් තීරණයට අනුවය.

එම තීරණය අනුව න්‍යෂ්ටික බලශක්තිය භාවිත කරමින් විදුලිය ජනනය කිරීමට කරුණු අධ්‍යයනය කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක් හා ක්‍රියාකාරී කණ්ඩායම් 9ක් පත්කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන සඳහන් කරයි.

එම කණ්ඩායම් විසින් සකස් කර ඇති ස්වයං ඇගයීම් වාර්තාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරමාණු බලශක්ති නියෝජිතායතනය මගින් ලබා දී ඇති නිර්දේශ අනුව න්‍යෂ්ටික බලයෙන් විදුලිය නිපදවීමේ ව්‍යාපෘතිය ඉදිරියට කර ගෙන යෑමට ශ්‍රී ලංකාවට හැකියාව පවතින බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *