විජේදාස කෝන්තර පිරිමහින්න ජනපති පුතා ගැන ප්‍රසිද්ධියේ බොරු කීවා…! – නාලක ගොඩහේවා…

April 19, 2021 at 7:57 am | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය පුතා කිසිදු අවස්ථාවක මෙරට දේශපාලන කටයුතු සඳහා සම්බන්ධ කර නොගත් බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා පවසයි.

ඔහු මේ පිළිබඳ තබා ඇති ෆේස්බුක් සටහනක් මෙසේය.

“දශකයකට වැඩි කාලයක් ජනාධිපතිතුමාව සමීපව හඳුනන මා ඒ කාලය තුළ කිසි දිනක තම එකම පුතු ලංකාවේ දේශපාලනයට කිසිදු ආකාරයකින් සම්බන්ධ කර ගන්නවා දැක නැත.

ඉගනීමට ඇති හැකියාව නිසා ශිෂ්‍යත්වයක් ලබා ඇමෙරිකාවේ හොඳම විශ්වවිද්‍යාලයක ඉගෙනගත් එතුමාගේ පුතා දක්ෂ ඉංජිනේරුවෙකු ලෙස මේ වන විට ලෝකයේ ප්‍රසිද්ධතම ආයතනයක ඉහළ වැටුපකට සේවය කරනා අතර ඔහුට ලංකාවේ දේශපාලනය ගැන කිසිදු උනන්දුවක් නැත.

මේ තත්ත්වය තුළ පුද්ගලික කෝන්තර පිරිමසා ගන්නට ජනාධිපතිතුමාගේ දරුවා ගැන ප්‍රසිද්ධියේ බොරු කියමින් මාධ්‍ය සාකච්ඡා කළ දේශපාලනඥයා ගැන මට ඇතිවුණේ දැඩි කලකිරීමකි.

දේශපාලනයට කිසි විටක බිරිඳ හෝ දරුවා සම්බන්ධ කර නොගන්නා මට ද මෙවැනි බොරු චෝදනාවකින් පියෙකුට ඇති වන සිත් වේදනාව හොඳින් වැටහේ. ගුණ ගරුක සමාජයක් පතන අපි මෙවැනි හැසිරීම් හෙළා දකිමු.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *