බේරුවල නගර සභාව ඉදිරියේ දී නිහඬ විරෝධතාවක යෙදෙමින්; කොවිඩ් – 19 ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජනතාවගේ මෘතදේහයන් ආදාහනය කිරීමට එරෙහි විරෝධයක් බේරුවල නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් විසින් සංවිධානය කර තිබිණි.
වෙනත් රටවල්වල කොවිඩ් – 19 මෘතදේහ භූමදානයට අවසර දී තිබියදී ලංකාවේ පමණක් ඊට අවසර දී නැති බවත්, මුස්ලිම් ජාතික මෘතදේහ භූමදානය කිරීමට අවසර ලබා දෙන්නැයි ජනාධිපති, අගමැති ඇතුළු ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් ඔවුහු ප්‍රකාශ කළහ.