වැව් 5000ක් ප්‍රතිසංස්කරණයට සහ පුරන් කුඹුරු අක්කර 120000ක් අස්වද්දන්න ජනපති නියෝග!

September 9, 2020 at 9:36 pm | by emanisa.lk

දිවයින පුරා වැව් 5000ක් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (09) නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

ඒ ග්‍රාමීය කුඹුරු ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන අමාත්‍යංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.

එහිදී පුරාණ තාක්ෂණය සහ නූතන විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව දිවයින පුරා වැව් 5000ක් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දුන් අතර ඒ සමග දිවයිනපුරා ඇති පුරන් කුඹුරු අක්කර 120,000ක් ආශ්‍රිතව ජාතික ආහාර නිෂ්පාදන දායකත්ව වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ.

ඒ යටතේ මනා ජල කළමනාකරණයක් ඇතිව මැද කන්න සහ අතුරු කන්නවල දී හඳුනාගත් කෘෂිබෝග 17ක් වගා කිරීමට ද යෝජිතය.

එසේම දිවයිනේ වාරිමාර්ග පද්ධති සහ ගංගා ආශ්‍රිත සියලු වන රක්ෂිත මාස 6ක් ඇතුළත ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස