රටම අස්වද්දන්න සූදානම්! වගා නොකළ කුඹුරු හමුදාවට!

August 23, 2020 at 4:31 pm | by emanisa.lk

පුරන් වූ කුඹුරු වගා කිරීම සඳහා ත‍්‍රිවිධ හමුදාව යෙදවීමට රජය තීරණය කර තිබේ.

පුරන් වූ කුඹුරු වගා කටයුතු සඳහා යොදා නොගන්නේ නම් ගොවිජන සේවා පනතට යටත්ව ඒ සදහා ත‍්‍රිවිධ හමුදාව යෙදවීමට තිරණය කර ඇති බව ග‍්‍රාමීය කුඹුරු හා ආශ‍්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න පවසයි.

මේ අතර මෙම වසරේ යල කන්නයේ වී මිලදී ගැනීමේ රජයේ වැඩසටහන යටතේ වී කිලෝවක් රුපියල් 50 ක සහතික මිලක් යටතේ මිලදී ගැනීමට නියමිතය.

පළමු අදියර යටතේ මෙවර යල කන්නයේ වී අස්වැන්නෙන් මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂ 2 ක් මිලදී ගැනීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස