වැව් හදලා කෝටි 520ක් හොරකම් කරන්න මං විරුද්ධ වුණා….! මෛත්‍රීපාල මගෙන් ඒ ව්‍යාපෘතිය ඉල්ලුවා…! – අනුර….

October 5, 2021 at 9:13 pm | by emanisa.lk

තමා 2004 ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමැති ධූරයට පත් වූ අවස්ථාවේ ජයිකා ආධාර යටතේ වාරි ව්‍යාපෘතියක් සැලසුම් කර තිබූ බව ජවිපෙ නායක අනුර දිසානායක පවසයි.

එහි සමස්ත පිරිවැය කෝටි 800ක් බවත් ඉන් 75%ක් එනම් කෝටි 600ක් ජයිකා ආයතනය ද 25%ක් එනම් කෝටි 200ක් ශ්‍රී ලංකා රජය ද දැරීමට යෝජනා කර තිබූ බවත් ජවිපෙ නායකයා පවසයි.

ඊට පෙර පැවැති එජාප ආණ්ඩුව මගින් සකස් කර තිබූ මෙම ව්‍යාපෘතිය කෝටි 280කින් නිමකළ හැකි බව වාරි ඉංජිනේරුවන් යොදවා තමා සොයා ගත් බවත් මන්ත්‍රීවරයා අනාවරණය කරයි.

ඊට පසු අදාළ ව්‍යාපෘතිය අත්සන් කරන ලෙස එවක ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, ජපන් තානාපති, පී.බී. ජයසුන්දර ඇතුළු විවිධ පාර්ශ්වවලින් බලපෑම් එල්ල වූවත් තමා ඊට අත්සන් නොකළ බව අනුර දිසානායක ප්‍රකාශ කරයි.

ඊයේ (04) හිරු සලකුණ වැඩසටහනට එකතු වෙමින් ඔහු මේ බව හෙළි කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *